බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලදී 26 හැවිරිදි තරුණියක පැහැරගෙන යමින් තිබූ රථයකට නාරාහේන්පිට, නාවල පාරේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදී පොලීසිය විසින් වෙඩි තබා ඇති බව වාර්තාවේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලත් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිස් කණ්ඩායමක් අදාළ රථය නවත්වන ලෙස අණකර ඇති අතර, එය නොතකා ධාවනය කිරීමට තැත් කිරීමේදී පොලීසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇත. ඉන්පසු රථයේ රියදුරු විසින් පැහැරගැනීමට ලක්වූ තරුණිය සහ වාහනය එම ස්ථානයේදීම අතහැර පලාගොස් ඇති අතර, තරුණිය ආරක්ෂිතව මුදාගැනීමට පොලීසිය සමත්ව ඇත. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාරාහේන්පිට සහ කුරුඳුවත්ත පොලීසිය මගින් විශේෂ සෙවීම් සහ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














