මධ්‍යම ගාසාවේ ඩෙයිර් එල්-බලාහි පිහිටි අල්-අක්සා මාටියර්ස් රෝහල් සංකීර්ණය ඉලක්ක කරගනිමින් ඉශ්‍රායලය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීනුවන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව Al Jazeera English පුවත් සේවය වාර්තා කරයි.
රෝහල් පරිශ්‍රය තුළ පිහිටි අවතැන්වූවන්ගේ කූඩාරමක් සහ ඖෂධ ගබඩාවක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් කිහිපදෙනෙකුම තුවාල ලබා ඇති බව වාර්තා වේ. පසුගිය දින කිහිපය පුරාම ගාසා තීරය පුරා ඉශ්‍රායල හමුදා විසින් දැඩි ගුවන් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක මෙම ප්‍රහාරයද එල්ල වී තිබේ.














