ත්‍රස්තවාදී කටයුතු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මෙන්ම අන්තර්ජාතික පොලිසිය ද දැඩි ලෙස සොයමින් සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවකුගේ සමීපතමයකු වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් ‘වැල්ලේ සාරංග’ නමැත්තා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි නුවර පිහිටි ඔහුගේ නිවස වටලා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ඔහු සමඟ එහි රැඳී සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු ද එරට පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී ‘කොකේන්’ සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඩුබායිහි සැඟව සිටිමින් සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටි වැල්ලේ සාරංග නමැත්තා, ආරක්ෂක අංශවලට අවශ්‍ය කර සිටින රූබන්, ගනේෂරූබන් නොහොත් අලගෝරම් ජෝති රූබන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයා ලෙස කටයුතු කර ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩුබායි ආරක්ෂක අංශ විසින් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














