යුක්රේන අගනුවර වන කියුව් අසල පිහිටි අවි ආයුධ ගබඩාවකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කියුව් කලාපයේ බුචා දිස්ත්‍රික්කයේ පිහිටි අවි ගබඩාවකට මෙම රාත්‍රී ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් අනතුරුව දැවැන්ත පිපිරීම් සහ ගින්නක් හටගෙන ඇත. කියුව් හි බටහිර උපනගරයක් වන මයිලා (Myla) නගරයේ පිහිටි මෙම ගබඩාවට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් අවට නේවාසික ගොඩනැගිලි 50කට වැඩි ප්‍රමාණයක් හානි වී ඇති අතර, නිවාස සහ ආපන ශාලාවකටද ගින්න පැතිරී ගොස් ඇත.
ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයෙන් පුද්ගලයින් 400කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති අතර, දේශීය බලධාරීන් පවසන්නේ දුසිම් පිරිසක් තුවාල ලබා ඇති බවයි. මියගිය අය අතර ඩ්මිට්රිව්ස්කා (Dmytrivska) ගම්මානයේ නගරාධිපති ටාරස් ඩිඩිච් (Taras Didych) ද වන බව කියුව් කලාපීය ආණ්ඩුකාර ටිමූර් ට්කාචෙන්කෝ (Tymur Tkachenko) පවසා ඇත. ගැලවුම්කරුවන් සහ අදාළ අංශ විසින් මේ වන විටත් එම ප්‍රදේශයේ සෝදිසි සහ සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතී.














