දීර්ඝ කාලයක් පුරා පවතින මානව සම්පත් හිඟයට විසඳුම් ලබා දෙමින්, රාජ්ය දැව සංස්ථාවේ වසර ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ ආයතනික තනතුරු 10කට අදාළ පුරප්පාඩු 54ක් සඳහා සුදුසුකම් ලැබූ පිරිස වෙත නව පත්වීම් ලබාදීමට තීරණය කර ඇත.
මෙම පත්වීම් ප්රදානය ලබන අගෝස්තු 31 වන දින රාජ්ය දැව සංස්ථාවේ ‘සප්ත පරිසර මණ්ඩපයේදී’ පැවැත්වීමට සැලසුම් කර තිබේ. රාජ්ය යාන්ත්රණය වඩාත් කාර්යක්ෂම, ඵලදායී මෙන්ම ජනතා හිතෛෂී සේවාවක් බවට පත් කිරීමේ රජයේ ප්රමුඛ ප්රතිපත්තිය යටතේ මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක වන අතර, රාජ්ය සම්පත් කළමනාකරණය විධිමත් කිරීම සහ සංස්ථාව නවීන හා ශක්තිමත් ආයතනයක් ලෙස ප්රතිව්යුහගත කිරීම සඳහා නව පත්වීම්ලාභීන්ගේ දායකත්වය වැදගත් වනු ඇත.
















