කටාන පොලිස් වසමේදී පසුගිය අගෝස්තු 28 වැනි දින පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 29 වන දින සිදු කරන ලද මෙම අත්අඩංගුවට ගැනීම්වලදී හමුවූ සැකකරුවන් වයස අවුරුදු 23, 47 සහ 49 යන පසුව පසුවන කදිරාන, ඇතුකාල සහ කොච්චිකඩේ යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර, ප්රධාන සැකකරු ඝාතනය සිදුකිරීමටත් අනෙක් දෙදෙනා අපරාධයට අනුබල දීමටත් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














