නුවරඑළිය, ලවර්ස් ලීප් (Lovers Leap) ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් තියුණු ආයුධයකින් (පොරොවකින්) පහරදී 43 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ.
විනායකපුරම් ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වූ විපතට පත් කාන්තාව ඊයේ (29) නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම මාරාන්තික ප්‍රහාරය එල්ල කර ඇත්තේ මියගිය කාන්තාගේ ස්වාමිපුරුෂයා විසින් වන අතර, ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. නුවරඑළිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.














