ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු 2026 කාන්තා විස්සයි-විස්ස ආසියානු කුසලාන B කාණ්ඩයේ ආරම්භක තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කන්ඩායම එරෙහිව කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 19.5කදී ලකුණු 79කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මධ්‍යම වේග පන්දු යවන්නියන් වන අලුත් ගෙදර චේතනා විමුක්ති සහ මිතාලි අයෝධ්‍යා බණ්ඩාර කඩුලු 3 බැඟින් බිඳ හෙලූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.5ක් තුළ ලකුණු 80ක ඉලක්කය පසුකර ගිය අතර, එහිදී නායිකා චමරි අතපත්තු පන්දු 25කින් නොදැවී වේගවත් ලකුණු 48ක් රැස්කළාය.














