නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපයේදී සිදුකළ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් පුද්ගලයින් 33 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත්ව තිබේ. පසුගිය 16 වැනිදා සිට 27 වැනිදා දක්වා කාල සීමාව තුළ නැගෙනහිර සහ උතුරු නාවික විධාන විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මෙම මෙහෙයුම්වලදී ඩිංගි යාත්‍රා 18ක්ද නාවික නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, ත්‍රිකුණාමලය ඉලන්කන්තෙයි, ලංකාපටුන, බ්ලැක් පොයින්ට්, අරිසිමලේ, නිලාවේලි, කල්කුඩා, කොක්කුතුඩුවායි, අඩුක්කුපාඩු, කොකනට් පොයින්ට්, මඩකලපුව, යාපනය වෙත්තලකේනි, කඩ්ඩයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, කෝකිලායි, යාපනය සහ මඩකලපුව යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත හා කල්කුඩා සහ නිලාවේලි යන පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.
















