අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පස්වරුවේ පවත්වන ලදී.
ඉන්දීය රජයේ සහ යුනෙස්කෝ සංවිධානයේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ව්‍යාපෘති සමාලෝචනය කර, නව යෝජනාද ඇතුළත් කර අදාළ සැලැස්ම ලබන මස 8 වනදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කිරීමටත්, 15 වනදා වන විට ව්‍යාපෘතියේ සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙසත් මෙහිදී උපදෙස් ලබා දී ඇත.
අනුරාධපුර පූජා භූමියේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් මිනිසුන් අත්හැර ගිය “නටබුන්” ලෙස පමණක් නොසලකා, ඒවා අදටත් ජනතාව වන්දනාමාන කරන “සජීවී ඓතිහාසික ස්ථාන” ලෙස සලකා බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කර තිබේ. තවද, මෙම ප්‍රදේශය හරිත සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කරමින් වාහන තදබදය අවම කිරීම සඳහා විද්‍යුත් බස් රථ සේවා වැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.














