සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘මෝදර චතු’ නමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් මාස තුනක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති අතර, ඉන් අනතුරුව ඔහු නැවතත් ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති බව වාර්තා වේ
සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘මෝදර නිපුන’ගේ සහෝදරයා වන ‘මෝදර චතු’ නමැත්තා පසුගිය දිනක ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබීය. කරන්දෙණිය සුද්දාගේ නීති විරෝධී ක්‍රියාවන්ට ‘මල්වානේ ටුටු’ නමැත්තා සම්බන්ධ කර ඇත්තේද මෙම මෝදර චතු විසිනි. මෙරටට ගෙන ඒමෙන් පසු මොහුට එරෙහිව මාස තුනක රැඳවුම් නියෝග ලබාගෙන තිබූ අතර, ඉන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
කෙසේ වෙතත්, ඇප ලැබීමෙන් පසු මොහු නැවතත් ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති අතර, අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිද්දී සහ විදේශගමන් තහනම් පනවා තිබියදී මෙවැනි අපරාධකරුවෙකුට නැවත රටින් පැන යාමට හැකි වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් දැඩි ප්‍රශ්න කිරීම් මතුව ඇත. නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන්නේ නම්, මෙලෙස නීතියේ සිදුරුවලින් රිංගා පලා යාමට ඉඩ සැලසෙන්නේ කාගේ අනුදැනුමකින්ද යන්න පිළිබඳව දැඩි සමාජ කතාබහක් නිර්මාණය වී තිබේ.














