ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් යානයකින් ජපන් සංචාරකයින් 200 දෙනෙකු සංචාරය සඳහා අද (30) දිවයිනට පැමිණ තිබේ.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජානක කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් නරිටා ගුවන්තොටුපළේදී මෙම සංචාරකයින්ට සුබ පැතුම් එක් කර ඇති අතර, දෙරට අතර සංචාරක හා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට මෙය කදිම අවස්ථාවක් බව ඔවුන් පෙන්වා දුන්හ. දිවයිනට පැමිණි මෙම සංචාරකයින් සීගිරිය ඇතුළු මෙරට ප්‍රධාන සංචාරක ස්ථාන නැරඹීමට නියමිතය.














