එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයේ “දේශීයව වගාකළ පාසල් ආහාර වේල්” වැඩසටහනට දායක වන ගොවීන් සහ සැපයුම්කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 22කට ආසන්න වටිනාකමකින් යුත් කෘෂිකාර්මික උපකරණ ප්රදානය කර තිබේ.
දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නංවමින් ජාතික පාසල් ආහාර වේල් වැඩසටහන ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම ප්රදානය යටතේ වතුර ටැංකි, ජල නළ, ඉසින යන්ත්‍ර, ප්ලාස්ටික් කූඩ සහ වැට ද්‍රව්‍ය ලබා දී ඇත. මයිකල් කෝර්ස් (Michael Kors) ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම පුළුල් ව්‍යාපෘතිය සඳහා WFP ආයතනය මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 92කට අධික මුදලක් ආයෝජනය කර ඇති අතර, එමඟින් ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නංවාලීමට සහ පාසල් පද්ධතිය දේශීය නිෂ්පාදකයන් සමඟ සෘජුව සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ.














