නේපාලයේ ඇති වූ ප්‍රබල ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට විදේශීය ජාතිකයින් 289 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන ඇති බව නේපාල සංචාරක මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත්, දේශීය වේලාවෙන් පස්වරු 6:00 වන විට තවත් විදේශීය ජාතිකයින් 591 දෙනෙකු සමඟ සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති බවද එම මණ්ඩලය සඳහන් කරයි. විපතට පත් වූවන් සෙවීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















