ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින් පැවැති “ශ්‍රී ලංකා–ඔස්ට්‍රේලියා ව්‍යාපාරික සමුළුව” සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී කැසන්ද්රා ෆර්නැන්ඩෝ මහත්මිය පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, ශ්‍රී ලංකික ව්‍යවසායකයින්ගේ සුවිශේෂී දායකත්වය සහ දෙරට අතර ගොඩනැගෙමින් පවතින ශක්තිමත් ව්‍යාපාරික සබඳතා ඉහළින් අගය කර ඇත. මෙම ව්‍යාපාරික සමුළුව හරහා දෙරට අතර වෙළඳාම වර්ධනය කර ගැනීමටත්, නව ආයෝජන අවස්ථා සහ ව්‍යාපාරික ප්‍රජාවට නව මාර්ග විවෘත කර ගැනීමටත් හැකි වූ බව ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
















