මාවනැල්ල ගඩොල් පාලම ප්‍රදේශයේදී අද (31) දහවල් සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අරණායක දෙස සිට මාවනැල්ල නගරය දෙසට ගමන් කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මාවනැල්ල නගරයේ සිට උස්සාපිටිය දෙසට ගමන් කරමින් තිබූ වැලි ප්‍රවාහනය කළ ටිපර් ලොරි රථයක් ගඩොල් පාලම මතදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් වෑන් රථයේ ගමන් කළ සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















