පියු පර්යේෂණ මධ්‍යස්ථානයේ (Pew Research Center) නවතම විශ්ලේෂණයකට අනුව, ලෝකයේ වැඩිම රජයේ නිවාඩු දින සංඛ්‍යාවක් හිමි රටවල් අතරින් ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
එම වාර්තාවට අනුව, 2026 වසර තුළ ශ්‍රී ලංකාව රජයේ නිවාඩු දින 25ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 190ක් ආවරණය කරමින් සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වූ ගෝලීය මධ්‍යන්‍යය වන දින 13 ඉක්මවා ගිය අගයකි. මියන්මාරය නිවාඩු දින 30ක් සමඟ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන අතර, බංග්ලාදේශය නිවාඩු දින 29ක් සමඟ දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත. මෙරට තුළ සෑම පුර පසළොස්වක් පොහොය දිනයක්ම රජයේ නිවාඩුවක් ලෙස නම් කර තිබීම සහ විවිධ ආගමික මෙන්ම ජාතික උත්සව වෙනුවෙන් නිවාඩු ලබාදීම මෙම ඉහළ අගයට ප්‍රධාන හේතුව වී තිබේ.














