කොළඹ 06 ගාලු පාර පිහිටි ආයතනික පරිශ්‍රයේදී ‘Let’s Donate Blood – #BeAHero’ තේමාව යටතේ පැවැති මෙම මානුෂීය මෙහෙයුම සඳහා රුධිර පරිත්‍යාගශීලීන්, ස්වේච්ඡා සේවකයන් සහ ආයතනික කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් නොමදව දායක වූහ. හදිසි ප්‍රතිකාර හා ශල්‍යකර්ම ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය අවශ්‍යතා සඳහා ජාතික ලේ සංචිතය අඛණ්ඩව පෝෂණය කිරීමේ දැඩි අවශ්‍යතාව මත පදනම් වූ මෙම වැඩසටහන, ව්‍යාපාරික ප්‍රජාව සමාජ වගකීම් වෙනුවෙන් දැක්විය යුතු ආදර්ශවත් කැපවීම මනාව මූර්තිමත් කළ අවස්ථාවක් විය.
ප්‍රජා සේවා ක්ෂේත්රයේ පුළුල් අත්දැකීම් සහිත ‘Rotary Colombo East’ සංවිධානයේ සහයෝගීතාවෙන් සහ ‘වීරකේසරි’ මාධ්‍ය සහකාරත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම දිගුකාලීන ක්‍රියාමාර්ගය, ආයතනික ලාභ අපේක්ෂාවලින් ඔබ්බට ගොස් මානව ජීවිත සුරැකීමේ ජාතික මෙහෙවරට ව්‍යාපාරික අංශය සක්‍රීයව දායක කර ගැනීමේ වැදගත්කම සමාජගත කළේය. ස්වේච්ඡා රුධිර පරිත්‍යාගය ජාතික සංස්කෘතියක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවැනි හවුල්කාරීත්වයන් හරහා ලැබෙන පිටුබලය අතිමහත්ය.
දශකයක අඛණ්ඩ සාර්ථකත්වය සනිටුහන් කරමින් ඉදිරියට පැමිණි මෙම වැඩසටහන, ඉදිරියටත් මෙරට ප්‍රජා කේන්ද්‍රීය සහ සමාජ සත්කාරක වැඩසටහන් සඳහා මහත් ලබා දෙනු ඇත. ව්‍යාපාරික සමාජ වගකීම විධිමත් ලෙස පවත්වා ගනිමින් මානව සංවර්ධනය හා සුබසාධනය වෙනුවෙන් කැපවීමට වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ආයතනය තබා ඇති මෙම ස්ථාවර පියවර ඉදිරි පරම්පරාවටද මහඟු ආදර්ශයකි.














