කුලියාපිටිය පොලිස් වසමේ පහළ දියදොර මාදරවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව, එහි අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නියෝග මත මෙම වැටලීම සිදුකර ඇත. මෙහිදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර් 7,560,000ක් අඩංගු බැරල් 40ක්, කසිප්පු මිලි ලීටර් 187,500ක් අඩංගු බෝතල් 250ක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.














