ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ ප්‍රධානතම වේදිකාව වන ‘GovPay’ පද්ධතිය හරහා සිදුවූ ගනුදෙනුවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 5 (කෝටි 500) සීමාව ඉක්මවා ගොස් ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ වන විට රාජ්‍ය ආයතන 300කට වැඩි සංඛ්‍යාවක් මෙම පද්ධතිය හා සම්බන්ධ වී සිටින අතර, රාජ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ ඩිජිටල්කරණය වූ පද්ධතියක් බවට පත් කිරීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් ලෙස මෙය හඳුන්වා දී ඇත. GovPay හරහා මහජනතාවට ඕනෑම තැනක සිට ආරක්ෂිතව සහ පහසුවෙන් සිය රාජ්‍ය ගෙවීම් සිදුකිරීමට අවස්ථාව හිමිවී තිබේ.














