යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එකහෙළා විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහය පළ කිරීම සඳහා දිවයින පුරා පිහිටි වෘත්තීය සමිති සහ වෘත්තීය සංවිධාන 40ක නියෝජිතයින් එක්ව අද (31) ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබා තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA), රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයේදී හමුවී මෙම තීරණයට එළඹ ඇත. උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් වන බව පෙන්වා දෙන එම සංවිධාන, අදාළ සංශෝධනය වහා හකුලා ගන්නා ලෙසත්, රජය එය ඉදිරියට ගෙන යන්නේ නම් ජනමත විචාරණයකට යන ලෙසත් ඉල්ලා සිටියි.














