මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම් කරමින් ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා ඇති අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඉකුත්දා (29) අනුරාධපුර අභිමන්සල – 1 රණවිරු සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
සංචාරය අතරතුර නේවාසික රණවිරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිවරයා, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සහ සුබසාධන කටයුතු පිළිබඳව සොයා බැලීය. මෙහිදී ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු සඳහා රෝද පුටු පිරිනැමූ අතර, සෑම නේවාසික රණවිරුවෙකු වෙතම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය அடங்கிய ත්‍යාග පාර්සල් පිරිනැමීමට ද කටයුතු කෙරිණි. අභිමන්සල කාර්ය මණ්ඩලයේ කැපවීම අගය කළ මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් G. A. T ගොඩේවත්ත මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














