යුක්රේනය තුළ පවතින යුදමය වාතාවරණය මනුෂ්‍යත්වයේ නාමයෙන් වහා අවසන් කළ යුතු බවත්, සාමය උදෙසා ගනු ලබන සෑම ප්‍රයත්නයකටම ඉන්දියාවේ පූර්ණ සහයෝගය හිමිවන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.
කර්ගිස්ථානයේ බිෂ්කෙක් නුවර පැවැත්වෙන ෂැංහායි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුව අතරතුර පැවැති ද්විපාර්ශ්වික හමුවේදී ඉන්දීය අගමැතිවරයා මේ බව සඳහන් කළේය. යුද්ධය ඉදිරියට යන සෑම දිනකම මනුෂ්‍යත්වය පස්සට යන බවත්, සාමය වෙනුවෙන් තබන සෑම පියවරක්ම මුළු මහත් මානව වර්ගයාටම බලාපොරොත්තුවක් ගෙනදෙන බවත් මෝදි මහතා වැඩිදුරටත් පැවසීය. මීට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ රුසියාව ද එම මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිටින බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














