නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ තීරණාත්මක මැදවාර මැතිවරණයට (Midterm Elections) පෙර පැවැත්වූ නවතම Reuters/Ipsos ජනමත විචාරණයට අනුව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 33% දක්වා පහත බැස ඇත.
ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ ඇමෙරිකානුවන්ගෙන් 71%ක්ම ට්‍රම්ප්ගේ ආර්ථික වැඩපිළිවෙළට සිය අප්‍රසාදය පළ කර තිබේ. මෙම තත්ත්වය හමුවේ එළඹෙන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ පාක්ෂිකයින් 46%ක් දැඩි උනන්දුවක් දක්වන අතර, රිපබ්ලිකන් පාක්ෂිකයින් අතර එම උනන්දුව පවතින්නේ 31%ක මට්ටමකය. තවද පක්ෂග්‍රාහී නොවන ස්වාධීන ඡන්දදායකයින් අතරින් 36%ක්ම ඩිමොක්‍රටික් පක්ෂයට සහය දක්වන බව ප්‍රකාශ කර ඇති අතර රිපබ්ලිකන් පක්ෂයට සහය දක්වන්නේ 22%ක් පමණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














