වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 95,493ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. දිවයින පුරා ඩෙංගු මරණ 72ක් වාර්තා වී ඇති අතර එහි මරණ අනුපාතිකය 0.076%ක් ලෙස සටහන් වේ.
දත්තවලට අනුව වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,964කි. ඊට අමතරව ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ ගෙවුණු අගෝස්තු මාසයේදී රෝගීන් 10,157ක් වශයෙන් වාර්තා වී තිබේ. දිවයිනේ සමස්ත රෝගීන්ගෙන් 50,506ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් (සමස්තයෙන් 21.31%) වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. මීට අමතරව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 50ක් තවදුරටත් අධි අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇත.
















