සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ සිටින ශෙහාන් සත්සර හෙවත් “දෙහිබාලේ මල්ලි” නම් සැකකරුගේ බාල සහෝදරයා වන පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් ‘කළු මල්ලි’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
25 හැවිරිදි මෙම සැකකරුට දකුණු පළාතේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ අතර, ශ්‍රී ලංකා පොලිසිය ලබාදුන් තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
















