පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගරවලට ඇදහැලුණු අධික මෝසම් වැසි හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ ජල මට්ටම වේගයෙන් ඉහළ යාම නිසා බලධාරීන් විසින් ප්‍රදේශයේ පාසල් වසා දැමීමට පියවර ගෙන තිබේ. ප්‍රබල වැසි හේතුවෙන් නගරයේ ජනජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති අතර, හදිසි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ආරක්ෂක සහ ආපදා අංශ යොදවා ඇත. තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බැවින් ජනතාවට දැඩි ලෙස විමසිලිමත්ව සිටින ලෙස බලධාරීන් විසින් දැනුම් දී තිබේ.
















