ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ යුරෝපා සංගමය (EU) වෙතින් ලැබීමට නියමිත ණය සහ ආධාර මුදල් ලබාගැනීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ, විදේශයන්ගෙන් ගෙනෙන පාර්සල් මත බදු පැනවීමේ පනත් කෙටුම්පත පරාජයට පත් කිරීමට යුක්‍රේන පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.
යුක්‍රේන අගමැති සර්ජි කොරෙට්ස්කි (Sergii Koretskyi) විසින් ආරක්ෂක වියදම් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 27ක හිඟයකට මුහුණ දී සිටින බවත්, මූල්‍ය අවදානම ඉහළ යමින් පවතින බවත් පාර්ලිමේන්තුවට අවධාරණය කළද, පනත සම්මත කරගැනීමට අවශ්‍ය ඡන්ද 226 ලබාගැනීමට රජයට නොහැකි විය (ලැබුණේ ඡන්ද 194ක් පමණි). දැනට යුරෝ 150ට අඩු වටිනාකමකින් යුත් පාර්සල් සඳහා බදු අය නොකෙරෙන අතර, බදු පැනවීම මගින් වාර්ෂිකව හිරියුනියා බිලියන 10ක් (ඩොලර් මිලියන 227.5ක්) උපයා ගැනීමට රජය අපේක්ෂා කළේය. කෙසේ වෙතත්, යුද්ධය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ ජීවන පිරිවැය තවත් ඉහළ යනු ඇතැයි පවසමින් මන්ත්‍රීවරුන් ඊට එරෙහි වී ඇත. පාර්ලිමේන්තු මුදල් සහ බදු කමිටුවේ සභාපති දැනිලෝ හෙට්මන්සෙව් (Danylo Hetmantsev) පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් යුරෝපා සංගමයෙන් සහ IMF වෙතින් ලැබීමට නියමිත යුරෝ බිලියන 4ක ආධාර අහිමිවීමේ අවදානමක් ඇති බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















