වර්තමාන රජය විසින් ගෙන ඒමට සූදානම් වන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය සහ ගරු විනිසුරුවරුන්ගේ ගෞරවය කෙලෙසීමේ පැහැදිලි උත්සාහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අපේ රටේ අතිමහත් ජනතාව අධිකරණය කෙරෙහි ලොකු විශ්වාසයක් තබා ඇති අතරම විනිසුරුවරුන්ට මහත් සේ ගෞරව කරන බව පෙන්වා දුන් ඒ මහතා, වර්තමාන රජයේ දැවැන්තම ජාතික ව්‍යාපෘතිය වන්නේ සිය දේශපාලනික අභිමතාර්ථයන් ඉෂ්ට කරගනිමින් රට තුළ “එක පක්ෂයක රාජ්‍ය පාලනයක්” (One-Party State) ස්ථාපනය කිරීම බවටද චෝදනා කළේය.














