එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය (SJB) එකතුවීමේ කටයුතු මේ වන විට ඉතා ක්‍රමවත්ව සිදුවෙමින් පවතින බවත්, මෙම ගමනට එක්වීමට කැමති සියලු දෙනාටම අවස්ථාව විවෘතව පවතින බවත් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
එක්වීමට ආවත්, නැතත් ඇතැම් පිරිස් විවේචන එල්ල කරන බව පෙන්වා දුන් ඒ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේද මෙවැනිම “දක්ෂයින්” යැයි කියාගත් පිරිසක් වටවී සිටියද අවසානයේ ගෝඨාභය මහතාට ගෙදර යාමට සිදු වූ බවත්, රටේ ණය බර 80%කට වඩා වැඩි වූ බවත් මතක් කර දුන්නේය.
එම පාලන සමයේ සිටි පිරිසගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට හිරේ විලංගුවේ වැටී සිටින බවත්, නව දේශපාලන ගමනක් වෙනුවෙන් අලුත් සහ තරුණ දේශපාලන පිරිස් එකතු කරගැනීමට උත්සාහ කිරීමේදී පවා ඇතැමුන් ඊට දොස් කියන බවත් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














