ඉරානය තුළ පිහිටි හමුදාමය ඉලක්ක වෙත ඇමෙරිකානු සන්නද්ධ හමුදාවන් විසින් දැවැන්ත නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඇමෙරිකානු මධ්‍යම බලකාය නිල වශයෙන් ප්‍රකාශ කළ බව ‘Al Jazeera’ පුවත් සේවය සජීවීව වාර්තා කරයි.
මෙම ප්‍රහාරයන් සමඟ ඉරානය පුරා පිහිටි ප්‍රධාන නගර කිහිපයකින්ම දැවැන්ත පිපිරීම් ශබ්ද ඇසෙන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර ඇති අතර, රටේ ආරක්ෂක සහ හමුදාමය පද්ධති ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ආරක්ෂාව තහවුරු කිරීම සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රහාරාත්මක හැකියාවන් අකර්මන්‍ය කිරීම අරමුණු කරගනිමින් ඇමෙරිකාව විසින් දකුණු වෙරළබඩ තීරයට අමතරව රට අභ්‍යන්තරයේ පිහිටි හමුදාමය සංකීර්ණ වෙතද මෙම ප්‍රහාරයන් එල්ල කරමින් පවතියි.














