මැදපෙරදිග කලාපයේ ඉරානයට එරෙහි හමුදාමය මෙහෙයුම් සඳහා දින 270කට අධික කාලයක් අඛණ්ඩව මුහුදේ රැඳී සිටි ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘USS Abraham Lincoln’ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක ගුවන්යානා ගෙනියන දැවැන්ත නෞකාව තායිලන්තයේ ලීම් චබාං වරායට සප්‍රාප්ත වී තිබේ.
නෞකාවේ සිටින 5,000කට ආසන්න ඇමෙරිකානු නාවික හා මැරීන් සෙබළුන් පිරිසක් විවේකය සහ විනෝදාස්වාදය උදෙසා තායිලන්තයේ ප්‍රකට පටායා වෙරළබඩ සංචාරක නගරය වෙත පිවිසීමට නියමිත අතර, මෙය පසුගිය නොවැම්බර් මාසයෙන් පසුව එම සෙබළුන් ගොඩබිමකට පිවිසෙන පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.
සෙබළුන්ගේ පැමිණීමත් සමඟ පටායා නගරයේ නීතිය හා ආරක්ෂාව තහවුරු කිරීමට සහ සංචාරකයන්ගෙන් අයථා ලෙස මුදල් අයකිරීම් වැළැක්වීමට තායිලන්ත බලධාරීන් සහ නිලධාරීන් 600කට ආසන්න පිරිසක් විශේෂ ආරක්ෂක මෙහෙයුම්වල යොදවා ඇත.














