ගෝලීය පාරිභෝගික සබඳතා කළමනාකරණ (CRM) ප්‍රමුඛයකු වන **Salesforce** සමාගම, ජෝන් කීල්ස් හෝල්ඩිංස් (JKH) සමාගමේ ප්‍රධාන අනුබද්ධ ආයතන දෙකක් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙමින් ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාප්ත කටයුතු පුළුල් කර තිබේ. කොළඹදී පැවති ප්‍රථම ‘Salesforce නවෝත්පාදන දිනය’ හා සමඟාමීව මෙම නිවේදනය නිකුත් කෙරිණි.
මේ යටතේ කීල්ස් සුපර්මාර්කට් ආයතනයේ මිලියන දෙකකට අධික පාරිභෝගික පදනමක් සහිත ‘Nexus’ ලෝයල්ටි වේදිකාව නවීකරණය කෙරෙන අතර, සාම්ප්‍රදායික වට්ටම් ක්‍රමවලින් ඔබ්බට යමින් තත්‍ය කාලීන සහ පාරිභෝගිකයාට ගැළපෙන පුද්ගලීකරණය කළ සේවාවන් ලබා දීම සඳහා Salesforce Loyalty Management, Customer 360, MuleSoft සහ Agentforce Service යොදා ගැනීමට නියමිතය.
මීට අමතරව, මෙරට බීවීඩී (BYD) විදුලි වාහනවල බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG ඔටෝ (JKCG Auto) ආයතනය, විදුලි වාහන පාරිභෝගික ජීවන චක්‍රය සහ අලෙවියෙන් පසු සේවාවන් විධිමත් කිරීම සඳහා Salesforce Automotive Cloud තාක්ෂණය ක්‍රියාත්මක කරයි. රටේ ඩිජිටල් අභිලාෂයන් සහ ආර්ථික වර්ධන වේගය හමුවේ මෙරට ව්‍යාපාරික ක්ෂේත්රය නංවාලීම සඳහා මෙම හවුල්කාරිත්වය ඉමහත් පිටුවහලක් වන බව Salesforce ආයතනය පෙන්වා දෙයි.
ඩිජිටල් කුසලතා වර්ධනය, ආරම්භක ව්‍යාපාර නංවාලීම, හවුල්කාර ජාලය පුළුල් කිරීම සහ ව්‍යවසාය පරිවර්තනය යන ස්ථම්භ හතරක් මත පදනම්ව Salesforce ආයතනය ඉදිරියේදීත් මෙරට තුළ තම ක්‍රියාකාරීත්වය තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.














