ගාසා තීරය වෙත ළඟා වන වැසි සහිත ශීත කාලගුණයත් සමඟ බරපතල සෞඛ්‍ය අර්බුදයක් මතුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
පවතින ගැටුම්කාරී තත්ත්වය සහ අවතැන්වීම් හමුවේ ජනතාව ජීවත් වන දුෂ්කර පසුබිම මත, ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් මඟින් අපද්‍රව්‍ය සහ අපිරිසිදු ජලය ජනතාව ගැවසෙන ප්‍රදේශවලට ගලා ඒම නිසා බෝවන රෝග තවත් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතියි. මේ වසරේ මුල් මාස 8 තුළ සිදුකළ ජල පරීක්ෂාවන්ට අනුව ක්ෂුද්රජීවී ජල දූෂණය 6% සිට 18% දක්වා තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර, පාචන රෝගීන්ගේ සංඛ්‍යාවද 27,000 සිට 48,000 දක්වා දෙගුණයකින් වැඩි වී තිබේ.
ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ජල හා සනීපාරක්ෂක යටිතල පහසුකම් දැඩි ලෙස විනාශ වී ඇති බව වාර්තා වන අතර, මෙම ව්‍යසනය වැළැක්වීම සඳහා මානුෂීය ආධාර සහ ජල කළමනාකරණ ද්‍රව්‍ය කඩිනමින් ගාසා තීරයට ඇතුළු කිරීමට ඉඩ සැලැස්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.














