කුවේට් හි පිහිටි ඇමරිකානු හමුදා රැඳී සිටින හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් “සතුරු බලකා සාමාජිකයින් පිරිසක් මියගිය” බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා ඉලක්ක වෙත ඉරානය විසින් එකදිගට එල්ල කරනු ලබන මෙම ප්‍රහාර මාලාවත් සමඟ කලාපීය යුධමය උණුසුම උපරිම මට්ටමකට ළඟා වී තිබේ.














