රටපුරා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ සඳහා පොලිසියෙන් විශේෂ දායකත්වයක් ලැබෙන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සැමරුමට සමගාමීව පොලිස් මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කෙරුණු දින තුනකින් යුත් පොලිස් පාපැදි සවාරිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, හෙට දිනයේදී එය නිමාවට පත්වීමට නියමිතය.














