කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මැදිහත්වීමෙන්, වසර ගණනාවක් තිස්සේ විවිධ හේතු නිසා කල් යමින් තිබූ ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති නව ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුකූලව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මේ වෙනුවෙන් ඉදිරිපත්ව තිබූ ආයෝජන යෝජනා 426ක් සඳහා සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී ප්‍රායෝගික නොවන සහ නිරපරාදේ ඉදිරිපත් කර තිබූ යෝජනා වෙනුවට නිසි ආකාරව ක්‍රියාත්මක කළ හැකි යෝජනා පමණක් සලකා බැලීමට කටයුතු කර ඇත. ඒ අනුව අදාළ අවසන් සුදුසුකම් සපުރාගත් සමාගම් 10ක් තෝරාගෙන තිබෙන අතර, එකී සමාගම් හරහා ගවේෂණ ඇතුළු ඉදිරි කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.
මෙම නව වැඩපිළිවෙල සහ ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරීමත් සමඟ ඉදිරි කාලසීමාව තුළ ඇමරිකන් ඩොලර් බිලියන 3ක (USD 3 Billion) විදේශීය ආයෝජන මෙරටට ගලා එනු ඇතැයි අපේක්ෂා කෙරේ.















