එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම් කර ඇති අතර, මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහභාගී වීමට නියමිතය. කණ්ඩායම සැප්තැම්බර් 05 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එක්දින සංචිතය සඳහා කුසල් මෙන්ඩිස් නායකයා ලෙසත්, චරිත් අසලංක උපනායකයා ලෙසත් නම් කර ඇති අතර, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුශංක යන ක්‍රීඩකයෝ ඊට ඇතුළත් වෙති. එමෙන්ම T20 සංචිතයේද නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවී ඇති අතර, චරිත් අසලංක උපනායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය. පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, තරිඳු රත්නායක, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් T20 සංචිතයට ඇතුළත් කර තිබේ.














