රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් යන මහත්වරුන් අතර හමුවක් පැවැත්වීමට ඉඩ ඇති බව ක්රෙම්ලිනය උපුටා දක්වමින් විදෙස් මාධ්ය වාර්තා කරයි.
ක්රෙම්ලිනයේ උපදේශක යූරි උෂාකොව් සඳහන් කර ඇත්තේ, ලබන නොවැම්බර් මාසයේදී චීනයේ ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවේදී මෙම හමුවීම සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි. රුසියාව, චීනය සහ ඇමරිකාව ඇතුළු රටවල් 21ක් මෙහි සාමාජිකත්වය දරනු ලබයි. කෙසේ වෙතත්, මෙම සමුළුව සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ සහභාගීත්වය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති බව ධවල මන්දිරයේ ප්රකාශිකා ඇනා කෙලී ප්රකාශ කර තිබේ.
















