යුක්රේනය රුසියාවට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර තීව්‍ර කර ඇති බැවින්, රුසියානු ගුවන් සීමාව භාවිත කරන ගුවන් යානා දැඩි ලෙස ප්‍රවේශම් විය යුතු බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. රුසියානු ගුවන් සීමාව භාවිතා කරන සෑම ගුවන් සමාගමකටම, රක්ෂණකරුවෙකුටම සහ තවමත් ප්‍රධාන රුසියානු ගුවන් තොටුපළ භාවිතා කරන සෑම කෙනෙකුටම අනතුරු ඇඟවීමට අවශ්‍ය බව සඳහන් කළ ඔහු, රුසියානු අහස සම්පූර්ණයෙන්ම භයානක වෙමින් පවතින බව අවධාරණය කළේය.
බොහෝ බටහිර වාණිජ ගුවන් සමාගම් රුසියාවට ඉහළින් පියාසර කිරීමෙන් වැළකී සිටියද, චීනය වැනි රටවල ගුවන් සමාගම් තවදුරටත් එම ගුවන් සීමාව භාවිත කරති. ශාන්ත පීටර්ස්බර්ග් සහ මොස්කව් වැනි ප්‍රධාන නගරවල ගුවන් තොටුපළවලට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ගුවන් සමාගම් වෙත මෙම අනතුරු ඇඟවීම යොමු කර ඇති අතර, සැලකිය යුතු පරිමාණයකින් රුසියාවේ අහසේ ඩ්‍රෝන යානා ගමන් කරනු ඇති බව සෙලෙන්ස්කි වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මේ අතර, සෙලෙන්ස්කිගේ මෙම ප්‍රකාශය “රාජ්‍ය ත්‍රස්තවාදය ප්‍රකාශ කිරීමක්” බව පවසමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතිචාර දක්වා ඇති අතර, රුසියාව යුක්රේනයට එරෙහිව තමන්ගේම ප්‍රහාර තීව්‍ර කිරීම දිගටම කරගෙන යන බවද ප්‍රකාශ කර ඇත.














