කළු මුහුදේ (Black Sea) රුසියාව සහ යුක්‍රේනය අතර එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර තියුණු ලෙස ඉහළ යාමත් සමඟ, බොස්ෆරස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා තෙල් නැව් සහ භාණ්ඩ ප්‍රවාහන නැව් තම ආරක්ෂාව උදෙසා ජල ටැංකි, ටයර් සහ දැල් (Nets / Cope cages) වැනි විකල්ප ආරක්ෂණ ක්‍රමවේද යොදා ගැනීමට පටන් ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජූලි මාසයේ සිට දෙපාර්ශ්වය විසින්ම තෙල් සහ ධාන්‍ය ප්‍රවාහන නැව් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම දැඩි කර ඇති අතර, විනාශ වූ රුසියානු ‘Omskiy-107’ නැව ඉස්තාන්බුල් වෙරළට පාවී ඒමෙන් තත්ත්වයේ බරපතලකම මනාව පැහැදිලි වේ. මෙවැනි විකල්ප ආරක්ෂිත උපක්‍රම මගින් කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන ප්‍රහාර පාලනය කළ හැකි වුවද විශාල හමුදාමය ඩ්‍රෝන හමුවේ ඒවා අසාර්ථක විය හැකි බව සමුද්‍රීය ආරක්ෂක විශාරදයෝ පෙන්වා දෙති. මේ අතර, කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහනය සුරක්ෂිත කිරීමට තුර්කිය ඉදිරිපත් කළ සාම සැලැස්ම රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම ප්‍රහාර නිසා අප්‍රිකානු රටවල නැවතත් දැවැන්ත ධාන්‍ය හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව තුර්කි ජනාධිපති තායිප් එර්ඩොගාන් (Tayyip Erdogan) පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














