2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයේ වැඩිම ලකුණ ලෙස ලකුණු 193ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (02) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ දෙමළ මාධ්‍යයේ වැඩිම ලකුණ වන ලකුණු 188 යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩයිම් ලකුණ 139ක් ලෙස සටහන් වන අතර, සිසු සිසුවියන් 56,000ක් එම කඩයිම් ලකුණ ඉක්මවා සමත්ව තිබේ. ඉකුත් අගෝස්තු 9 වනදා පැවැති විභාගය සඳහා අයදුම්කරුවන් 294,132ක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිට ඇත. මීට අමතරව විශේෂ අවස්ථා සහිත සිසුන් 1,018 දෙනෙකු සහ බ්‍රේල් මාධ්‍යයෙන් සිසුන් 18 දෙනෙකු මෙවර විභාගයට මුහුණ දී තිබේ.














