ලෝකයේ වඩාත්ම උපායමාර්ගික නාවික මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු පාලනය යටතට පත්ව ඇති බව පවසමින්, එහි නම “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” ලෙස වෙනස් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇති බව Al Arabiya සහ Ynetnews පුවත් සේවයන් වාර්තා කරයි.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ අදාළ මුහුදු මාර්ගය මේ වන විට ඇමරිකානු ආරක්ෂක බලපෑම යටතේ පවතින බවත්, එය තමාගේ නමින් නම් කිරීම වඩාත් සුදුසු බවත්ය. මැදපෙරදිග කලාපයේ ඉරානය සමඟ පවතින හමුදාමය නොසන්සුන්තාව සහ නාවික ආරක්ෂක අර්බුදය උච්චතම අවස්ථාවට පැමිණ ඇති මොහොතක ට්‍රම්ප් විසින් සිදුකර ඇති මෙම ප්‍රකාශය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.












