ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් නව ඩොලර් 1 කාසියක් නිකුත් කිරීමට ඇමරිකානු වාණිජ මණ්ඩලය පියවර ගෙන ඇති බව CBS News පුවත් සේවය වාර්තා කරයි.
මෙම කාසියේ එක් පසෙක ජනාධිපති ට්‍රම්ප්ගේ රුව ද, අනෙක් පස ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලාංඡනය ද නිරූපණය කර ඇති අතර, මෙය නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස භාවිත කළ හැකිය. කෙසේ වෙතත්, ජීවත්ව සිටින ජනාධිපතිවරුන්ගේ රූප මුදල් නෝට්ටු හෝ කාසි සඳහා භාවිත කිරීම තහනම් කරන ඇමරිකානු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කරමින් මෙම නිර්මාණය සිදුකර ඇති බවට මේ වන විට විවේචන එල්ල වෙමින් පවතින අතර, පාලනාධිකාරිය පවසන්නේ 2020 වසරේ සම්මත වූ විශේෂ පනතක් යටතේ 250 වන සංවත්සරය වෙනුවෙන් මෙම කාසිය නිකුත් කිරීමට නීතිමය ඉඩකඩ පවතින බවයි.














