ජම්මු කාශ්මීර් කලාපයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව ඉන්දීය රජය විසින් අත්හිටුවන ලද 1960 ඉන්දු-පාකිස්තාන ජල ගිවිසුම (Indus Waters Treaty) නැවත ක්‍රියාත්මක කරන ලෙස නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර බේරුම්කාර අධිකරණය නියෝග කර තිබේ.
පාකිස්තානයේ කෘෂිකාර්මික ඉඩම්වලින් 80%කටම ජලය සපයන මෙම ගිවිසුම අත්හිටුවීමට ඉන්දියාවට සාධාරණ හේතුවක් නොමැති බව අධිකරණය පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ තමන්ගේ ස්වෛරී තීරණ පිළිබඳව ප්‍රශ්න කිරීමට එම අධිකරණයට නෛතික බලයක් නොමැති බවත්, අදාළ තීන්දුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්ය. ඉන්දීය සංචාරකයින් 26 දෙනෙකු ඝාතනය වූ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තාන ජාතිකයින් සම්බන්ධ බවට හෙළිවීමෙන් පසු ඉන්දියාව මෙම ගිවිසුම අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
















