සර්බියාවේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගනිමින් එරට ශිෂ්‍ය ක්‍රියාකාරීන්, මන්ත්‍රීවරුන් සහ විපක්ෂ දේශපාලනඥයන් ඇතුළු 14 දෙනෙකුට වැඩි පිරිසකගේ ජංගම දුරකථන වෙත ඇතුළු වී තොරතුරු සොරාගන්නා ‘Mercenary Spyware’ ඔත්තු බලන මෘදුකාංග ප්‍රහාරයක් එල්ල වී ඇති බව SHARE Foundation නම් ඩිජිටල් අයිතිවාසිකම් සංවිධානය හෙළි කරයි.
Apple සමාගම විසින් රටවල් 110ක පරිශීලකයින් වෙත යවන ලද ආරක්ෂක අනතුරු ඇඟවීම්වලින් පසුව මෙම තත්ත්වය හෙළිවී ඇති අතර, මෙය සර්බියානු ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ඔත්තු බැලීමේ සිදුවීම ලෙස සැළකේ. ඊශ්‍රායලයේ NSO Group සමාගම නිපදවන ප්‍රකට Pegasus සහ NoviSpy යන ඔත්තු බලන මෘදුකාංග මෙලෙස යොදාගෙන ඇති අතර, පරිශීලකයාගේ කිසිදු ශ්‍රිතයකින් තොරව දුරකථනයේ කැමරාව සහ මයික්‍රෆෝනය සක්‍රීය කිරීමට මෙමගින් හැකියාව ලැබී තිබේ. අධිකරණ නියෝගයකින් තොරව සිදුකළ මෙම නීති විරෝධී ඔත්තු බැලීම සම්බන්ධයෙන් සර්බියානු රජයට සහ අදාළ සමාගම්වලට දැඩි චෝදනා එල්ල වෙමින් පවතියි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















