ප්‍රමුඛ පෙළේ දූෂණ විරෝධී ගවේෂණාත්මක මාධ්‍යවේදිනී ඩැෆ්නි කරුවානා ගැලීසියා ඝාතන නඩුවේ මහ මොළකරු ලෙස චෝදනා ලැබ සිටි ප්‍රධාන පෙළේ මෝල්ටා ව්‍යාපාරිකයෙකු වන යෝර්ගන් ෆෙනෙක් මිනීමැරුමට හවුල් වීම ඇතුළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරට ජූරි අධිකරණය තීරණය කිරීමත් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රජාව තුළ දැඩි ආන්දෝලනයක් මතු වී තිබේ. මීට වසර නවයකට පෙර මෝල්ටාවේ ව්‍යාපාරික හා දේශපාලන ප්‍රභූන්ගේ දැවැන්ත දූෂණ හෙළිදරව් කරමින් සිටියදී අභිරහස් ලෙස මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ ඇගේ ණයට නිසි යුක්තිය ඉටු නොවූ බව පවසමින් මියගිය මාධ්‍යවේදිනියගේ පවුලේ සාමාජිකයන් අධිකරණය හමුවේ හඬා වැටීම, ගෝලීය වශයෙන් මාධ්‍ය නිදහස සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් යළි මතු කර තිබේ.
පැය අටකට අධික කාලයක් පැවති දැඩි ජූරි සාකච්ඡාවකින් අනතුරුව 8ට 1ක පරතරයකින් මෙම නිදහස් කිරීම සිදු කර ඇති අතර, විත්ති පාර්ශ්වය විසින් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මාණ්ඩලික ප්‍රධානියා වෙත චෝදනා එල්ල කිරීම හරහා මෝල්ටා දේශපාලන ක්ෂේත්‍රය තුළ යළිත් වරක් දැඩි බල අරගලයක් නිර්මාණය වී ඇත. 2017 වසරේදී සිදුවූ මෙම ම්ලේච්ඡ ඝාතනය එරට දේශපාලන ගිනි කුණාටුවක් නිර්මාණය කරමින් එවකට අගමැති ජෝසප් මස්කට්ගේ ඉල්ලා අස්වීම දක්වා වර්ධනය වූ පසුබිමක, ප්‍රධාන සැකකරු මෙලෙස නිදහස් වීම ආයතනික අසාර්ථකත්වයන්ගේ සහ දේශපාලන සබඳතාවල ප්‍රතිඵලයක් බවට විචාරකයෝ චෝදනා කරති.
මෙම අධිකරණ තීරණයත් සමඟ මෝල්ටාවේ රාජ්‍ය යාන්ත්‍රණය සහ යුරෝපා සංගාමී නීතිමය ක්‍රියාමාර්ථයන් දැඩි ජාත්‍යන්තර පීඩනයකට ලක්ව ඇති අතර, ඩැෆ්නිගේ ජීවිතය ආරක්ෂා කිරීමට රජය අසමත් වීම මෙන්ම අනාගතයේදී මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන මැඩලීම සඳහා මෝල්ටාව තවමත් නිසි ප්‍රතිසංස්කරණ සිදු කර නොමැති බව ඇගේ පවුලේ අය තරයේ කියා සිටිති. ස්වාධීන වාර්තාකරණයට එරෙහිව සිදුවන මෙවැනි බලපෑම් සහ නීතියේ හිඩැස් හේතුවෙන් ගෝලීය ප්‍රජාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් පවතින බව මෙම සිදුවීම මගින් මනාව තහවුරු වේ.
















