දිවයිනේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට අඩුවීමක් පෙන්නුම් කළද, ඩෙංගු උවදුරේ අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය මේ බව සඳහන් කළාය.
ඇතැම් දිස්ත්‍රික්කවල මදුරුවන් බෝවීම වැඩිවීම මුලින් දැකගත හැකි වන අතර, ඉන් පසුව රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමක් වාර්තා වන බව ඇය පෙන්වා දුන්නාය. එම නිසා, සියලුම දෙනා තම නිවාස සහ වැඩੁබිම් ආශ්රිත පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ඉල්ා සිටියි.














