යුක්‍රේනය සමඟ සබඳතා පවත්වන ඩෙන්මාර්ක ආරක්ෂක නිෂ්පාදන සමාගම් සහ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් විනාශකාරී ක්‍රියා සහ ප්‍රහාර සැලසුම් කිරීම සඳහා රුසියානු බුද්ධි අංශ විසින් ඩෙන්මාර්ක නගරවැසියන් අත්පත් කරගනිමින් (Recruiting) සිටින බව ඩෙන්මාර්ක ජාතික ආරක්ෂක සහ බුද්ධි සේවය (PET) නිල වශයෙන් අනාවරණය කර තිබේ.
PET හි ප්‍රති-ගූඪචාරී අංශයේ ප්‍රධානී එමිල් ග්‍රෙෂෝම් (Emil Gresholm) ප්‍රකාශ කළේ රුසියානු බුද්ධි සේවාවන් විසින් සමාජ මාධ්‍ය සහ ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා (Gaming Platforms) ඔස්සේ ඩෙන්මාර්ක වැසියන් සම්බන්ධ කරගනිමින් ආරක්ෂක සමාගම්වල සහ යටිතල පහසුකම්වල ඡායාරූප ලබාගැනීම වැනි කාර්යයන් සඳහා යොදවා ගන්නා බවයි. මෙම තොරතුරු පසුව විනාශකාරී ප්‍රහාර (Sabotage) සැලසුම් කිරීමට යොදාගන්නා බව හෙළි වී තිබේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඩෙන්මාර්ක වැසියන් රුසියානු බුද්ධි අංශවලට මෙලෙස සහාය වීම බරපතල තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. කෙසේ වෙතත්, මොස්කව් පාලනය හෙවත් රුසියාව මෙම සංකර යුධ (Hybrid Warfare) චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.














