දකුණු ලෙබනනයේ අලි අල්-තාහර් (Ali al-Taher) කඳුකර කලාපයේ පිහිටි හිස්බුල්ලා සංවිධානයේ භූගත අණදෙන මධ්‍යස්ථානය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට සෘජුවම ප්‍රතිචාර දක්වන බවට ඉරානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත රහසිගතව අනතුරු අඟවා තිබේ.
ඕමානය හරහා ලබාදී ඇති මෙම පණිවිඩයෙන් අනාවරණය වන්නේ, එම කඳුකර කලාපයේ පිහිටි හිස්බුල්ලා සංවිධානයේ භූගත බංකර තුළ ඉරාන විප්ලවීය අරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් හිස්බුල්ලා සටන්කාමීන් සමඟ රැඳී සිටින බවයි. ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සෙබළ විරාම ගිවිසුම් නොතකමින් ඊශ්‍රායලය අදාළ ප්‍රදේශය වටලා ආහාර සහ ජලය සැපයීම අත්හිටුවමින් වටලෑමක් (Siege) ක්‍රියාත්මක කරන අතර, මෙම කඳුකර භූමිය අත්පත් කරගැනීමට උත්සාහ කළහොත් එය කලාපීය පූර්ණ යුද්ධයකට මුලපිරීමක් වනු ඇති බවට හිස්බුල්ලා සහ ඉරාන පාර්ශ්වයන් අනතුරු අඟවයි. කෙසේ වෙතත්, ඇමෙරිකානු සහ ඊශ්‍රායල බලධාරීන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෘජු ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














